Machan Online Community

Full Version: සර් අයිසැක් නිව්ටන්ගේ ජීවිත කතාව
You're currently viewing a stripped down version of our content. View the full version with proper formatting.
Sir.Issac Newton..

මේ නමනම් අපි කාටවත් කවදාවත් අමතක නොවෙන නමක්....

මේ ඔහුගේ ජීවිත කතාවයි....

එදා ක්‍රි.ව 1642 දෙසැම්බර් මස 25 වෙනිදා, හැමෝම සතුටින් නත්තල් දවස සමරන අතරේ එංගලන්තයේ ලින්කන්මයර්හි වූල්ස්තෝප් මැනර් නම් ග්‍රාමයේ ගොවි ගොවි ගෙදරක අයිසෙක් නිව්ටන් නම් දරුවා මෙලොව එළිය දකිනවා.ඉපදෙන්නට මාස තුනකටත් පෙර දුප්පත් ගොවියකු වූ ඔහුගේ පියා මිය යන්නේ පුංචි නිව්ටන්ට තාත්ත කෙනෙක්ගේ කෙනෙකුගේ ආදරය සෙනෙහස නැති වෙමින්.එයිනුත් මාස කිහිපයක් ගත වූ පසු ඔහුගේ මව වූ හැනා අයිස්කොෆ් වෙනත් විවාහයක් කර ගනිමින් පුංචි නිව්ටන්ව හැරදමා යන්නේ මිත්තණියගේ භාරකාරත්වයට ඔහුව පත් කරමින්..පුංචි කාලෙ ඉඳලම මවු පිය සෙනෙහස නොලැබුනු නිව්ටන්ට තම මිත්තනියගෙන් ද බලාපොරොත්තු වූ තරම් ආදරයක් නම් ලැබුනේ නැහැ.කාලය හෙමින් හිමින් හිමින් ගෙවී ගියා ගිය පුංචි නිව්ටන්ට වයස අවුරුදු 10 දී ඔහුගේ මිත්තණිය ග්‍රහණයෙන් මිදී, නිදහසේ අධ්‍යාපනය ලබන්නට වාසනාවන්ත වෙනවා.ඒ ඔහුගේ ගමේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලබන ලබන්නට අවස්ථාවක් ලැබුණු නිසා. කුඩා කාලයේදී පාසල් අධ්‍යාපනයට වැඩි ඇල්මක් නොදැක්වූ අයිසෙක් නිව්ටන් ක්‍රි.ව1665 දී කේම්බ්‍රිජ් හි ට්‍රිනිටි විද්‍යාලයට ඇතුළු වී අධ්‍යාපනය හදාරන්නට අවස්ථාවක් ලැබෙනවා..

ට්‍රිනිටි විද්‍යාලයට ඇතුළ් වූ Newton තම ප්‍රියතම විෂය පථය ලෙස තෝරා ගන්නෙ විද්‍යාව.ඇරිස්ටෝටල් සහ සහ ප්ලේටෝ සමග විද්‍යාත්මක ක්ෂේත්‍රයට එකතු වුනු මොහු , පසුව Trinity විද්‍යාලයේ අධ්‍යාපනය අවසන් කර උසස් අධ්‍යාපනය සඳහා එංගලන්තයේ Cambridge විශ්වවිද්‍යාලයට ඇතුළු වෙනවා..එහිදී ඔහු භෞතික විද්‍යාව තම විෂය පථය ලෙස තෝරා ගන්නවා..මෙසේ අධ්‍යාපනය හදාරමින් සිටින අතරතුර යළිත් තමන් කලින් ජීවත්වුණ මිත්තණිය ගේ නිවසට පැමිණීමට සිදුවෙනවා..ඒ මහාමාරිය නම් මහා දරුණු රෝගය ලන්ඩන් නගරය පුරා පැතිරෙමින් තිබූ කාලයක් නිසා මඳ කාලයකට විශ්ව විද්‍යාල වසා දැමූ නිසා..ඔහු යළිත් වූල්ස්තෝපහි නිවසට පැමිණීමෙන් අනතුරුව, දිනක් ඔහු සුන්දර හවස් යාමයක වත්ත පහළට යන්නේ සූර්යයා බැස යන ඒ සුන්දර දර්ශනය දැක බලා ගන්න...

ඉර අවරට යන සුන්දර දර්ශනය දිහා බලාගෙන , ඔහු තම නිවස පහළ පිහිටි ඇපල් ගසක් යටට වී හාන්සි වෙලා සිටින අතරේ එක පාරටම ඔහු ගේ ඔළුවට වැටෙන්නෙ ඇපල් ගෙඩියක්.මුලදී ඔහුටත් මේක සරල සිද්ධියක් වුණා සිද්ධියක් වුනා. නමුත් ගසෙහි නිශ්චල ව පැවැති ඇපල් ගෙඩිය පොළොව දෙසට වැටීම ගැන ඔහු ඒ අවස්ථාවේ දී වැඩි වැඩියෙන් සිතන්න පටන් ගන්නවා..ඔහු යළිත් ඇපල් ගෙඩිය අතට ගන්නවා. දෙපාරක් හිතන්නේ නැතිව යළිත් උඩ විසි කරනවා. සිදු වන්නේ ඔහු සිතූ දෙයක් නෙමෙයි.ඇපල් ගෙඩිය ආයෙත් බිම වැටෙනවා. වැටෙන්නේ නිකම්ම නෙමෙයි. මෙතෙක් ලෝකයේ සැඟවෙලා තිබූ ගුරුත්වාකර්ෂණය නමැති සංසිද්ධිය මේ ලෝකයට ඉදිරිපත් කරන්න Issac Newton ගේ ඔලුවට අදහසක් දෙමින්. ඔහු මේ ගුරුත්වාකර්ෂණය පිළිබඳ ව බොහෝ පර්යේෂණ සිදු කරනවා එයින් නොනැවතුණු ඔහු ක්‍රිස්තු වර්ෂ 1972 දී පරාවර්තිත දුරදක්නය නිපදවා ක්‍රිස්තු වර්ෂ 1687 දී ගුරුත්වාකර්ෂණය පිළිබද සටහන් කොට Mathematical Principles of Natural Philosophy නමින් ග්‍රන්ථයක් රචනා කරනවා (1st Commet ).
ක්‍රි. ව 1707 දී ප්‍රිස්මයක් තුලින් කිරණ පැතිරිය හැකි ආකාරය පිළිබඳව අධ්‍යයනය කොට Optics නැමැති ග්‍රන්ථය රචනා කරනවා..

ලෝකයේ සම්භාව්‍ය යාන්ත්‍ර විද්‍යාවට Issac Newton ලබාදුන් ජීවය කිසිදා අමතක කරන්න බැහැ...

මේ වෙනුවෙන් ඔහුට ක්‍රි.ව. 1705 දී බ්‍රිතාන්‍යයේ නයිට් පදවියක් ද ලැබුණා...

නමුත් ඔහු ඔහු ඒ නිහතමානී ප්‍රතික්ෂේප කරනවා .ඒ ඔහුගේ විද්‍යාත්මක පර්යේෂණ වලට එය බාධාවක් වන නිසා .කාලය, ස්ථිතික ගම්‍යතාවය පිළිබඳව සිය අදහස් ඉදිරිපතකල ඔහු Johannes Kepler ගේ මතයද යොදාගනිමින්, ග්‍රහලෝක, චන්ද්‍රයා වල්ගාතරුවල චලනය පිළිබඳව ලොවට අනාවරණය කර විද්‍යාත්මක ලෝකය අලුත්ම තැනින් පටන් ගැනීමට මූලික අඩිතාලම දැමූ Issac Newton නම්,

ඒ මිනිසා
විද්‍යාඥයා
පර්යේෂකයා
දාර්ශනිකයා

ක්‍රි.ව. 1727 මාර්තු 31 වන දින London නගරයේ දී අප අතරින් භෞතික වශයෙන්.නමුත්, ඔහු විදුළඹරට එකතු කළ ඒ ආලෝකය අදටත් අති විශිෂ්ඨයි ....
Bump  Smile
Cool