Machan Online Community

Full Version: Mr Google මරාගෙන කෑම හෙවත් උපිරිම වැඩ ගැනීම
You're currently viewing a stripped down version of our content. View the full version with proper formatting.
Mr Google මරාගෙන කෑම හෙවත් උපිරිම වැඩ ගැනීම Wink Wink


මොකක්ද මේ කුණුහර්පෙ! දැකපු ගමන් හිතෙන්න ඇත්තෙ එහෙම. ඔව් ටිකක් මංයං(වචනෙ ලියන්න අමාරුයි)  වගේ තමයි. හැමෝම වගේ දන්නවනෙ Google Dork ගැන. අද කතා කරන්න යන්නෙ මේවා ගැන. Rolleyes Rolleyes

අයියෝ මේකද මේ. අපි ඕක ගැන උබට කියලා දෙන්නම්. (පිටුපසින් ඇසෙන කතා) Angel Angel

කමක් නෑ. දැනගත්තට, ආපහු කියෙව්වට වැඩි වෙනවද? නෑනෙ. ඔන්න ඔහෙ කියවලා දාපන් බං. Sleepy Sleepy

මොනවද මේ Google Dorks? Dodgy

සාමාන්‍යෙයන් මේවා හැකින් වලදි තමයි භාවිත වෙන්නෙ. ඒත් සාමාන්‍ය වැඩ කටයුතු වලටත් මේවා යොදාගන්න පුළුවන්. හැබැයි මේවා Google එකට තමයි හරියන්නෙ. අනිත් ඒවටත් යොදාගන්න පුළුවන්. ඒත් සාර්ථක නෑ.  Shy Shy

වටේ ගියා ඇති. දැන් පටාන් ගමු එහෙනම්. Tongue

1. Intitle - Title එක කිව්වම දන්නවනෙ මොකක්ද කියලා. මේකෙදි වෙන්නෙ Title එකේ අපි Search කරන වචනය තියනවද බලන එකයි.

උදා - intitleTonguerogramming Tutorials

2. Allintitle - අපි වචං කීපයක් එකපාර සර්ච් කරනවා නම් මේක භාවිත කරන්න පුළුවන්.

උදා - allintitle:admin login

3. Inurl - අපි ගූගල් සර්ච් කරද්දි පහලින් පෙන්වනවනෙ රිසාල්ට් එකේ ලින්ක් එක. අන්න එතනින් Filter කරගන්න අවශ්‍ය වචනයක් සර්ච් කරගන්නවා නම් මේක භාවිත කරන්න පුළුවන්.

උදා - Inurl:login

4. Cache - වෙබ් පිටු Cache ආකාරයට දැක්වීම සිදුකරයි.

උදා - Cache:www.machan.ml

5. ext - Extension එකක් මගින් google සර්ච් කිරීම.  mp3, zip, mp4, ppt ආදිය මගින් සර්ච් කල හැක.

උදා - ext:pdf python

6. Site - වෙබ් අඩවියක ඇති යමක් සර්ච් කිරීම.

උදා - site:www.elakiri.com

7. Book - Google Online Library තුල ඇති පොත් සොයා ගැනීම.

උදා - Book:python Language

මේවා එක් වරකට කීපයක් ලෙසද භාවිත කල හැක.

උදා - Site:www.tutorialspoint.com intitle:Java Tutorial

උද - allintitle:admin login site:pexcard.com (අනවශ්‍ය දේවල් සිදු නොකරන්න)

ලිව්වේ - Thiwanga Sandaruwan Dasanayaka

උපුටා ගන්නේ නම් උඩ තියන නමවත් ඉතිරි කරපල්ලා

හැමෝටම තේරෙන්න ඇති. වැදගත්කමක් තිබුනොත් තව කෙනෙක්ට බලන්න Share පාරක් දාපන්. වැදගත් නැත්තම් ඕනෙ නෑ. Tongue Tongue

නොතේරෙන තැනක් තිබුනොත් කමෙන්ට් එකක් දාපන්. දන්න විදිහට කියලා දෙන්නම්. නැත්තම් Inbox මැසේජ් එකක් දාහන්. Shy

එහෙනම් තව එකක් ගේනකම් දැනට යනවා. Blush Blush